Thursday, September 19, 2019

තුඹ කරවිල ලෝකේ පුරා යවන්න වයඹ සුදානම් ආණමඩුවේ "තුඹ වැව්වෝ" ගොඩ යති.

 -හිරාන් ප්‍රියංකර ජයසිංහ
බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ගම්මාන රැසක වගාකරුවන්ගේ අතමිට සරුවී තිබේ.

ලොව පුරා කරවිල ප්‍රභේද 60 කට ආසන්න ප්‍රමාණයක් තිබුණද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල තුඹ කරවිල ප්‍රසිද්ධියක් උසුලන අතර අතීතයේ වියළි කලාපයේ සේම තෙත් කලාපයේද හෙන් ආශ්‍රිව තිබු තුඹ කරවිල අද වන විට දෙමුහුන් තුඹ කරවිල පැල සැකසීම සිදුකරමින් පවතියි.

දේශීය තුඹ කරවිල වර්ග ශ්‍රි ලංකාව තුළ 19 ක් අතීතයේ තිබි ඇති නමුත් මේ වන විට වර්ග 9 ක් පමණ ඇති බව හඳුනාගෙන තිබේ.

මේ වන විට තුඹ කරවිල දෙමුහුන් පැල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පෞද්ගලක පැල තවාන්කරුවන් විසින් සකසන අතර මේ සියලුම පැල සියයට සියයක්ම දේශීය පැල වන බව මෙම පාර්ශ්ව දෙකම පවසන අතර කිසිඳු ආකාරයකින් විදේශීයව දෙමුහුන් වීමක් නොමැති බවටද මොවුහු සහතික කරති.

තුඹ කරවිල වගාව අපනයන භෝගයක් ලෙස වයඹින් රටට එක් කිරීමටද මෙම වගාකරුවන් සමඟ එක්වී සිටින ජයන්ත වන්නිනායක මහතා දැඩි ප්‍රයත්නයක නිරත වි සිටිති.

ජයන්ත වන්නිනායක මහතා පවසන්නේ මෙවැන්නකී

“තුඹ කරවිල වගාව අපේ බොහෝදෙනෙකු අතරට නොගිය වගාවක්. අපි උත්සහගන්නේ මේ වගාව වගාකරුවන් අතර ජනප්‍රිය කරලා හොඳ අස්වැන්නක් ලබා ගන්න ඉඩ සලසා දීමටයි.

එයින් අපේ අරමුණ වන 2020 දී වයඹින් අපනයන භෝගයක් ලෙස ජනප්‍රිය කිරීම මේ අනුව ලෝකයේ බොහෝ රටවලට මෙම තුඹ කරවිල වයඹ ගොවි බිම් වලින් යන ආකාරයට සකස් කිරීම තමා පළමු ඉලක්කය ‘‘යැයි ඔහු පැවසීය.

තුඹ කරවිල වගාවෙන් ජීවිතය ජය ගනිමින් සිටින මහකුඹුක්කඩවල සියඹලාගස්හේන පදිංචි එච්.එම්. අසංක අජීත් කුමාර මහතා පවසා සිටියේ මෙවැන්නකී.

“ මුලින්ම අපි ටිකක් බය වුණා. මොකද මේ වගාව කරද්දී දිනපතාම පිරිමි මල් ගැහැණු මල්වල පරාගනය කරන්න බැරි වෙයි කියලා. නමුත් දැන් උදේ පාන්දරම අවදිවෙලා පිරිමි මල් කඩාගෙන ඉන් පස්සේ හත අට වෙන්න කලින් පරාගනය කරන්න කටයුතු කරනවා. දැන් මේ දේ දෛනිකව කරන කටයුත්තක් වෙලා. අපි දැන් හොඳ අදායමක් ගන්නවා ඇත්තටම සාර්ථක වගාවක් කියලා කියන්න පුළුවන් ‘‘ යැයි ඔහු පවසයි.

මෙම වගාව ආණමඩුව සහ මහකුඹුක්කඩවල ප්‍රදේශයන්හි ජනතාව අතරට ගෙන ඒමට කටයුතු කලළ හිටපු පරිපාලන ග්‍රාම නිලධාරී වරයකු වන ඒ.එච්.එම්.රත්නමලල මහතා මෙසේ පැවසීය.

“ මම පාලිත රංගේ බංඩාර මන්ත්‍රීතුමාගේ ව්‍යාපෘති භාර ලේකම් වරයා.එහිදි මම විවිධ වගාවන් හඳුන්වා දෙන්න කටයුතු කළා. ඒ අතර තුර තමා මේ ජයන්ත වන්නිනායක මහතා හඳුනාගෙන මේ තුඹ කරවිල වගාව මේ පළාතට ගෙන එන්න කටයුතු කළේ.

ඇත්තටම අද අපේ වගාකරවන් හොඳ ආදායමක් ලබා ගන්නවා .ඒ සමඟම අපේ රටේ මිනිසුන්ට ලෙඩ වලින් මිදි ඉන්න පුළුවන් වගාවක් ලෙස තුඹ කරවිල හඳුන්වන්න පුළුවන්.

ඇත්තටම මම කිසිම ආකාරයකින් මේ සඳහා දේශපාලනය යොදා ගෙන නැහැ. මොකද එහෙම උනොත් සාර්ථක වගාකරුවන් හඳුනා ගන්න අමාරුයි.

ඒ නිසා වයඹ අපනයනය ලෙස තුඹ කරවිල ඉදිරියට ගෙන එන්න ජයන්ත මහතාට උපරිම සහාය ලබා දෙන්න කටයුතු කරමින් වගාකරුවන් දිරිමත් කිරීමයි මේ වන විට සිදුවන්නේ‘‘ යැයි ඔහු පැවසීය.
CREDIT: LANKADEEPA

Saturday, September 7, 2019

බඩ ඉරිඟු කරලත් පිටරටින් ලංකාවට ...


බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, මෙවර අපේක්ෂිත බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 350,000 ක් බවයි.

එහෙත් මෙවර ලැබී ඇති බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 270,000 ක් පමණ වේ.

පැවති වියළි කාලගුණය හේතුවෙන් මෙවර අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීමට නොහැකිවූ බව ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ ය.

Friday, September 6, 2019

මාතලේට ගලේවෙලට ලොකු ළුණූ අස්වැන්න සරුයි - අතමිට හොඳයි

2019 යල් කන්නයේ ලොකු ලූනූ අස්වැන්න මේ දිනවල නෙළමින් පවතී. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනූ කිලෝවක මිල රුපියල් 110/= දක්වා ඉහළ ගොස් ඇති බව ගොවීහු පවසති. නමුත් මෙවර ලොකු ලූනූ වගාකළ ගොවීන් සංඛ්‍යාව අඩුවීම නිසා විශාල පිරිසකට එම ආදායම අහිමි වී ඇත. මේ වනවිට වගාවට ඇතිවී ඇති බාධක ඊට හේතුව බව ඔවුහු පවසති. ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක අස්වැන්නක් ලබාගෙන සිටින ගොවීන් කිහිපදෙනෙක් මෙසේ කීහ.
සුරංග සංජීව - (තට්ටන්කොටුව,පට්ටිවෙල) මම වසර 12ක් පමණ ලොකුලූනූ වගා කරනවා.ලූනූ ගොවියාට පසුගිය වසරවල සිදුවූ අසාධාරණකම් නිසා වගාව කෙරෙහි කලකිරී සිටියා. මම පුරුද්දට මෙන් මෙවර වගා කළේ අක්කරයක පමණ සුළු ප්‍රමාණයක්.මේ වනවිට ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ කිලෝව රුපියල් 110/= දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ලූනූ ගොවියා ආරක්ෂා කිරීමට බලධාරීන් නිසි පියවර නොගැනීම නිසා ගොවියා එම වගාවෙන් ඈත්වී සිටිනවා. පසුගිය වසරවල අපේ ගමේ ගොවින් 20ක් 30ක් ලූනූ වගා කළත් මෙවර වගා කළේ තුන් හතරදෙනයි.
පී.කේ.ඩී.විජේසිරි මීවලපතහ -අපේ ගමේ ලූනු වගාකළේ දෙදෙනයි. අස්වැන්නට නිසි මිලක් නොලැබීම වගා හානි වන්දි නොලැබීම ,ගුණාත්මක බීජ ලබාගැනීමේ දුෂ්කරතා , ආදී හේතු නිසා ගොවියන් වගාව කෙරෙහි කළකිරීමට පත්වී සිටිම ඊට හේතුවයි. ගොවීන්ගේ ගැටලු විසඳා දීමට බලධාරීන් පියවර නොගතහොත් එම වගාව ශ්‍රී ලංකාවෙන් ඉවත්වන දිනය වැඩි ඇතක නොවෙයි.

මාතලේ දිස්ත්‍රික්කය

මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු වගාකරුවන්ගේ අස්වනු සඳහා මෙවර ඉහළ මිලක් හිමිවී තිබේ.
මාතලේ දිස්ත්‍රික්කය තුළ පමණක් මෙවර ලොකු ළූණු වඟාකර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 800කි.
ගොවීන් ප්‍රකාශ කළේ, 2014 වර්ෂයේ හෙක්ටයාර් 2800ක් වඟා කළ අතර පසුගිය කාලයේ ලොකු ළූණු සඳහා ඉහළ මිලක් නොතිබීම නිසා ගොවීන් එම වගාවෙන් ඉවත්ව සිටි බවයි.

Thursday, August 22, 2019

අස්වැන්නේ සරු ඵල ලබන ලග්ගල රටකජු ගොවියෝ මෙන්න


මොරගහකන්ද කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ඉදිවූ කළු ගඟ ජලාශයේ මංගල දියවරෙන් වගා කෙරුණු රටකජු අස්වනු නෙලීමේ කටයුතු මේ දිනවල ලග්ගල ප්‍රදේශයේ සිදුවේ.

 මීට පෙර ලග්ගල ප්‍රදේශයේ වසරකට එක කන්නයක් වැඩ කෙරුණු කුඹුරු, කන්න දෙකම වැඩ කිරීම සඳහා හැකිවූ බව ගොවීහු පවසති. ජනතාව ගොඩ බෝග සඳහා හුරු වීමත් සමඟ බොහෝ ඉඩම්වල රටකජු වගා කර තිබිණි.
රටකජු කිලෝවක් සඳහා රුපියල් 210 ක ඉහළ මිලක් ලැබෙන බව ගොවීහු පෙන්වා දෙති.

Sunday, August 11, 2019

සහල්වලින් රට ස්වයංපෝෂිත කරන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාව පෙර අතීතයේ හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසයි. එයට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකාවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තය වීමත් අවශ්‍ය තරම් බත සැපයීමට ගොවියා සමත් වූ නිසාත්ය.


එකල ජනගහනය අද තරම් ව්‍යාප්ත ​ෙනාවුණද බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තයේ නියැළෙමින් තුන් වේලම බත බුලතින් සරුසාර කිරීමට සමත් වූහ. කාලයාගේ ඇවෑමෙන් ජනගහනය වර්ධනයවීමත් කෘෂි කර්මාන්තයෙන් ඈත්වීමත් දියුණු වන ලෝකයත් සමග බොහෝ දෙනෙකු වෙනත් රැකියා සඳහා යොමුවීමත් කෘෂි කර්මාන්තයට ද බෙහෙවින් බලපෑවේය.


කෘෂි කර්මාන්තයට කණ කොකා හැඬීමත් සමග බොහෝ දෙනෙක් තුන් වේලටම කෑ බත් පත වෙනුවට වෙනත් අල භෝග වර්ගවලට ද පුරුදු වූහ. ක්‍රම ක්‍රමයෙන් ජනගහනය වර්ධනය වීමත් රටේ ජනතාව කාර්යය බහුල වීමත් නිසා තුන් වේලට බත් කෑ ජනතාව අද එදිනෙදා කුසගින්න නිවා ගැනීමට කුමන හෝ කුඩා ආහාරයකින් සප්පායම් වෙයි. පෝෂණය අඩුවීමෙන් මේ නිසා අද කුඩා දරුවාගේ සිට වැඩි මහල්ලා දක්වාම විවිධ වූ රෝගවලට මුහුණ පා සිටිති.

බණ්ඩක්කා වවමු.


බණ්ඩක්කා වගාවට අවශ්‍ය නිර්දේශිත ප්‍රභේද මොනවාද?

එම්. අයි-5
වියළි කාපාපයේ මාස් කන්නය සදහා ද අනෙක් කලාපවල යල මහ කන්න දෙකන්නයටම යෝග්‍ය වේ.කරල් ලා කොල පැහැයට හුරුය.
පත්‍ර ව්ව්ත්‍ර වෛරස් රෝගයට පත්‍ර වේ.
දින 55-60කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.
එම්. අයි-7
වියළි කලාපයේ යල් කන්නය සදහා ද අනෙක් කලාපවල යල මහ දෙකන්නයටම යෝගය වේ.
කරල් ලා කහ පැහැතිය.
පත්‍ර විවිත්‍ර වෛරස් රෝගට පාත්‍ර වේ.
දින 55-60කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.
හරිත
තෙත් කලාපයට වඩා වියළි කලාපයේදී වඩාත් හොද වර්ධනයක් පෙන්වයි.
යල මහ දෙකන්නය‍‍ටම යෝග්‍ය වේ
කරල් කොල පැහැතිය
පත්‍ර විවිත්‍ර වෙවරස් රෝගයට ඹරෝත්තු දෙයි.
දින 50 කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.

බණ්ඩක්කා සිටුවන කාලය හා සිටුවන්නේ කෙසේද?

මහ කන්නයෙදි සැප්තැම්බර් මස මුලසිට ඹක්තෝබර් මස මුල සිට දක්වාත්, යල කන්නයෙදී අප්‍රේල් මස සිට මැයි මස මුල දක්වාත් වගාව ඇරඹීම සදහා සුදුසුය.

Friday, August 9, 2019

Changing economic patterns Dr. Howard Nicholas


Laughing aloud, the trio watched as a boy down the lane was being chased by a dog. “Balagena malli (watch out little brother),” said Serapina, as the 14-year-old ran away, after initially provoking the dog.
Later under the Margosa tree, I heard Kussi Amma Sera raising the issue of a severe drought that has affected crops and many villages. “Apey pradesaye vishala wathura prashnayak thiyenawa (there is a major water shortage in our area),” she said.


“Ape pradesaye goviten walata haani vela (in our area, farming has got affected),” added Mabel Rasthiyadu.

While they continued the conversation about the drought and its impact particularly on rice farming and other crops, the phone rang. Who was it this time? I wondered.

Ironically, it was Pedris Appo, short for Appuhamy, who is a retired agriculture expert and involved in farming, on the line at a time when I was getting absorbed in Kussi Amma Sera’s conversation on agriculture issues.

“Hello, how have you been,” asked Pedris Appo. “Fine … fine,” I responded, telling him that it was interesting that he was calling at a time when agriculture was on my mind.

“That’s why I wanted to talk to you after listening to a recent presentation by eminent Sri Lankan-born economist Dr. Howard Nicholas on where he believes the country’s economic future should be,” he said.

Pedris Appo, quoting Dr. Nicholas who is attached to the Netherlands-based Institute of Social Studies, said that the eminent economist had said Sri Lanka’s future lies in producing exportable manufactured goods, neither agriculture nor services.

තුඹ කරවිල ලෝකේ පුරා යවන්න වයඹ සුදානම් ආණමඩුවේ "තුඹ වැව්වෝ" ගොඩ යති.

 -හිරාන් ප්‍රියංකර ජයසිංහ බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ...