Showing posts with label ඇබරැල්ලා. Show all posts
Showing posts with label ඇබරැල්ලා. Show all posts

Sunday, August 11, 2019

බණ්ඩක්කා වවමු.


බණ්ඩක්කා වගාවට අවශ්‍ය නිර්දේශිත ප්‍රභේද මොනවාද?

එම්. අයි-5
වියළි කාපාපයේ මාස් කන්නය සදහා ද අනෙක් කලාපවල යල මහ කන්න දෙකන්නයටම යෝග්‍ය වේ.කරල් ලා කොල පැහැයට හුරුය.
පත්‍ර ව්ව්ත්‍ර වෛරස් රෝගයට පත්‍ර වේ.
දින 55-60කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.
එම්. අයි-7
වියළි කලාපයේ යල් කන්නය සදහා ද අනෙක් කලාපවල යල මහ දෙකන්නයටම යෝගය වේ.
කරල් ලා කහ පැහැතිය.
පත්‍ර විවිත්‍ර වෛරස් රෝගට පාත්‍ර වේ.
දින 55-60කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.
හරිත
තෙත් කලාපයට වඩා වියළි කලාපයේදී වඩාත් හොද වර්ධනයක් පෙන්වයි.
යල මහ දෙකන්නය‍‍ටම යෝග්‍ය වේ
කරල් කොල පැහැතිය
පත්‍ර විවිත්‍ර වෙවරස් රෝගයට ඹරෝත්තු දෙයි.
දින 50 කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.

බණ්ඩක්කා සිටුවන කාලය හා සිටුවන්නේ කෙසේද?

මහ කන්නයෙදි සැප්තැම්බර් මස මුලසිට ඹක්තෝබර් මස මුල සිට දක්වාත්, යල කන්නයෙදී අප්‍රේල් මස සිට මැයි මස මුල දක්වාත් වගාව ඇරඹීම සදහා සුදුසුය.

Friday, August 9, 2019

Spondias dulcis යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ඇබරැල්ලා පළතුරක් මෙන්ම එළවළුවක්

Spondias dulcis යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ඇබරැල්ලා වේගයෙන් වර්ධනය වන ශාඛයකි.ඇබරැල්ලා පළතුරක් මෙන්ම එළවළුවක් ලෙසද සැලකිය හැක.මෙය විටමින් සී බහුල ආහාරයක් වන අතර ග්‍රැමි 100 යක ප්‍ර‍මාණයක දෛනික විටමින් සී අවශ්‍යතාවයෙන් 60% ක් දැකගත හැක.තවද යකඩ, කැල්සියම් හා පොස්පරස් යනාදි මුලද්‍ර‍ව්‍ය අඩංගු වන අතර විටමින් ඒ සහ කැරොටීන් මෙන්ම විටමින් බී සංකිර්ණයන් වන තයමින් සහ රයිබෝෆ්ලේවින් දැකගත හැක.

මෙම ඇබරැල්ලා ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිකරණ අතර සෙමිප්‍ර‍තිශ්‍යාව හා ඒ සමග ඇතිවන උණ සමග ප්‍ර‍තික්‍රියා කල හැක.තවද උගුර සහ ස්වසනමාර්ගයේ සිදුවන ආසාදනයන්සදහා ගුණදායක වන අතර තුවාල සුවවීමේ ක්‍රියාවලිය වේගවත් කරයි.
තවද මෙම ඇබරැල්ලාවල ප්‍ර‍තිඔක්සිකාරක අඩංගුවන අතර මුක්තඛණ්ඩක නිසා රුධිරවාහිනිවල සිදුවන ලේකැටිගැසීම අඩුකර හොදින් රුධිරය ගලායාමට ඉඩහසර ලබාදේ.එමගින් පේශී පටක සහ අවයව වලට සිදුවන හානිය වලකාලයි.
තවද මෙහි පවතින විටමින් සී පටක අළුත්වැඩියාවන් හා සම පෝෂණය කිරීමට අවශ්‍ය ස්වභාවික ප්‍ර‍තිඔක්සිකාරකයක් සේ ක්‍රියාකරයි. එමගින් සමෙහි කොලැජන් තන්තු නිෂ්පාදනය වැඩිකර සමෙහි පැහැපත්බව වැඩිකරයි.තවද ‍සමෙහි ඇතිවන විවිධ වු රෝගාබාධ සුවකිරීම සදහා මෙම ඇබරැල්ලා යොදාගනි.
මෙම පළතුර ආහාර ජීරණය පහසුකරන තන්තුවලින් බහුලවු පළතුරක් වන අතර ආමාශය ඇතුළු ආහාර ජීරණපද්ධතිය පිරිසිදුකිරීමට උදවිවේ. ආහාර ජීරණය අපහසුතාවයන්ගෙන් පෙලෙන අය සදහා මෙම පළතුරෙහි පල්පය ඉතා වැදගත් වේ.තවද විටමින් ඒ සුලභව ඇති බැවින් දෘෂ්ඨිය සදහාද මහගු පිටුවහලක් ලබාදේ.තවද මෙහි සුක්රෝස් සීනි සුලභව පවති.
ඇබරැල්ලාවල පවතින යකඩ සහ විටමින් බී 1 සංකිර්ණය ශරීරයේ පවතින රතු රුධිරානු නිෂ්පාදන ක්‍රියාවලියට දායක වී සිරුරතුල ඔක්සිජන් සංසරණය වේගවත් කරන අතර මෙය කාන්තාවන් සදහා ඉතා වැදගත් වේ.
දියවැඩියා රෝගීන් සදහාද ‍ඇබරැල්ලා ඉතා ගුණදායකය.දත් සහ අස්ථි නිරෝගීව පවත්වාගැනීම සදහා මෙම ඇබරැල්ලාවල පවතින පොස්පරස් හා කැල්සියම් ප්‍ර‍මාණය ඉතා වැදගත්වේ.එමෙන්ම මුත්‍රාමාර්ගයේ පවතින විවිධවු ආසාදනයන් සදහාද ඇබරැල්ලා ඖෂධයක් ලෙස යොදා ගනී.තවද තුවාල ,පිලිස්සුමි,දද හා හිසරදය සුවකිරිමේ පාරමිපරික ඖෂධයක් ලෙස මෙම ඇබරැල්ලා ශාඛයේ විවිධවු කොටස් යොදාගනී.
ඇබරැල්ලා සතුව අධිරුධිරපීඩනය අඩුකිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණ හරහා අනාවරණය වී ඇත. මෙවැනිවු බොහෝ ගුණාංගයන්ගෙන් සපිරි ඇබරැල්ලා ඔබත්, ඔබේ ආහාරවේලට එකතුකරගැනීමට හුරුපුරුදුවන්න.
කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධනවිද්‍යා හා තාක්ෂණ නිලධාරි

තුඹ කරවිල ලෝකේ පුරා යවන්න වයඹ සුදානම් ආණමඩුවේ "තුඹ වැව්වෝ" ගොඩ යති.

 -හිරාන් ප්‍රියංකර ජයසිංහ බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ...