Showing posts with label Dambulla. Show all posts
Showing posts with label Dambulla. Show all posts

Saturday, September 7, 2019

බඩ ඉරිඟු කරලත් පිටරටින් ලංකාවට ...


බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, මෙවර අපේක්ෂිත බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 350,000 ක් බවයි.

එහෙත් මෙවර ලැබී ඇති බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 270,000 ක් පමණ වේ.

පැවති වියළි කාලගුණය හේතුවෙන් මෙවර අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීමට නොහැකිවූ බව ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ ය.

Friday, September 6, 2019

මාතලේට ගලේවෙලට ලොකු ළුණූ අස්වැන්න සරුයි - අතමිට හොඳයි

2019 යල් කන්නයේ ලොකු ලූනූ අස්වැන්න මේ දිනවල නෙළමින් පවතී. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනූ කිලෝවක මිල රුපියල් 110/= දක්වා ඉහළ ගොස් ඇති බව ගොවීහු පවසති. නමුත් මෙවර ලොකු ලූනූ වගාකළ ගොවීන් සංඛ්‍යාව අඩුවීම නිසා විශාල පිරිසකට එම ආදායම අහිමි වී ඇත. මේ වනවිට වගාවට ඇතිවී ඇති බාධක ඊට හේතුව බව ඔවුහු පවසති. ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක අස්වැන්නක් ලබාගෙන සිටින ගොවීන් කිහිපදෙනෙක් මෙසේ කීහ.
සුරංග සංජීව - (තට්ටන්කොටුව,පට්ටිවෙල) මම වසර 12ක් පමණ ලොකුලූනූ වගා කරනවා.ලූනූ ගොවියාට පසුගිය වසරවල සිදුවූ අසාධාරණකම් නිසා වගාව කෙරෙහි කලකිරී සිටියා. මම පුරුද්දට මෙන් මෙවර වගා කළේ අක්කරයක පමණ සුළු ප්‍රමාණයක්.මේ වනවිට ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ කිලෝව රුපියල් 110/= දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ලූනූ ගොවියා ආරක්ෂා කිරීමට බලධාරීන් නිසි පියවර නොගැනීම නිසා ගොවියා එම වගාවෙන් ඈත්වී සිටිනවා. පසුගිය වසරවල අපේ ගමේ ගොවින් 20ක් 30ක් ලූනූ වගා කළත් මෙවර වගා කළේ තුන් හතරදෙනයි.
පී.කේ.ඩී.විජේසිරි මීවලපතහ -අපේ ගමේ ලූනු වගාකළේ දෙදෙනයි. අස්වැන්නට නිසි මිලක් නොලැබීම වගා හානි වන්දි නොලැබීම ,ගුණාත්මක බීජ ලබාගැනීමේ දුෂ්කරතා , ආදී හේතු නිසා ගොවියන් වගාව කෙරෙහි කළකිරීමට පත්වී සිටිම ඊට හේතුවයි. ගොවීන්ගේ ගැටලු විසඳා දීමට බලධාරීන් පියවර නොගතහොත් එම වගාව ශ්‍රී ලංකාවෙන් ඉවත්වන දිනය වැඩි ඇතක නොවෙයි.

මාතලේ දිස්ත්‍රික්කය

මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු වගාකරුවන්ගේ අස්වනු සඳහා මෙවර ඉහළ මිලක් හිමිවී තිබේ.
මාතලේ දිස්ත්‍රික්කය තුළ පමණක් මෙවර ලොකු ළූණු වඟාකර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 800කි.
ගොවීන් ප්‍රකාශ කළේ, 2014 වර්ෂයේ හෙක්ටයාර් 2800ක් වඟා කළ අතර පසුගිය කාලයේ ලොකු ළූණු සඳහා ඉහළ මිලක් නොතිබීම නිසා ගොවීන් එම වගාවෙන් ඉවත්ව සිටි බවයි.

තුඹ කරවිල ලෝකේ පුරා යවන්න වයඹ සුදානම් ආණමඩුවේ "තුඹ වැව්වෝ" ගොඩ යති.

 -හිරාන් ප්‍රියංකර ජයසිංහ බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ...