Sunday, August 11, 2019

බණ්ඩක්කා වවමු.


බණ්ඩක්කා වගාවට අවශ්‍ය නිර්දේශිත ප්‍රභේද මොනවාද?

එම්. අයි-5
වියළි කාපාපයේ මාස් කන්නය සදහා ද අනෙක් කලාපවල යල මහ කන්න දෙකන්නයටම යෝග්‍ය වේ.කරල් ලා කොල පැහැයට හුරුය.
පත්‍ර ව්ව්ත්‍ර වෛරස් රෝගයට පත්‍ර වේ.
දින 55-60කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.
එම්. අයි-7
වියළි කලාපයේ යල් කන්නය සදහා ද අනෙක් කලාපවල යල මහ දෙකන්නයටම යෝගය වේ.
කරල් ලා කහ පැහැතිය.
පත්‍ර විවිත්‍ර වෛරස් රෝගට පාත්‍ර වේ.
දින 55-60කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.
හරිත
තෙත් කලාපයට වඩා වියළි කලාපයේදී වඩාත් හොද වර්ධනයක් පෙන්වයි.
යල මහ දෙකන්නය‍‍ටම යෝග්‍ය වේ
කරල් කොල පැහැතිය
පත්‍ර විවිත්‍ර වෙවරස් රෝගයට ඹරෝත්තු දෙයි.
දින 50 කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.

බණ්ඩක්කා සිටුවන කාලය හා සිටුවන්නේ කෙසේද?

මහ කන්නයෙදි සැප්තැම්බර් මස මුලසිට ඹක්තෝබර් මස මුල සිට දක්වාත්, යල කන්නයෙදී අප්‍රේල් මස සිට මැයි මස මුල දක්වාත් වගාව ඇරඹීම සදහා සුදුසුය.
සෙ.මී. 90×60 පරතරයට සෙ.මී. 30ක් පමණ උස, පළල හා ගැඹුර ඇති වලවල්වල සකස් කර ඒවා දිරා පත් වූ ගොම පොහොර හෝ කොම්පෝස්ට් වලින් පුරවා ගැනීමෙන් පසු බීජ 3-4ක් බැගින් එක වලක සිටුවන්න.
බීජ ප්‍රරෝහණය වේගවත් කිරිම සදහා.් බීජ සිටුවීමට පෙර 24ක කාලයක් ජලයේ පොවන්න.
බීජ සිටුවා සති 2කට පසු එක් වලක නීරෝගී ශක්තිමත් පැල 2ක් බැගින් ඉතිරිවන සේ වැඩි පැල ඉවත් කර ගන්න.
පොහොර යොදන්නේ කෙසේද?

යෙදිය යුතු කාලය යූරීයා ත්‍රිත්වසුපර් පොස්පේට් මියුරියේට් ඹෆ් පොටෑෂ්

මූලික පොහොර 100 200 50

පැල මතු වී සති 4 පසු 100 50

පැල මතු වී සති 8 පසු 100 50

4. කෘමි පාලනය කරන්නේ කෙසේද?
පත්‍ර කීඩෑවන්
වගාවේ වයස සති 2-3 සිට කිඩෑ උවදුරට පාත්‍ර විය හැක.
රෝගය බරපතල නම් නිර්දේශිත කෘමිනාශක යොදන්න.
කරටි සහ කරල් විදින්නා
ලපටි පැලවල කරටි විදීම හා කරල් මත සිදුරු ඇති කරයි.
හානිය අධික නම් නිර්දේශිත කෘමිනාශක යොදන්න.
කොල හකුලන දළඹුවා
පත්‍ර හැකීලීම සිදු කරයි.
හානි වූ පත්‍ර විනාහ කිරීම මගින් රෝගය වලක්වා ගත හැක.
හානිය අධික නම් පමණක් නිර්දේශිත කෘමිනාශක යොදන්න.‍

5. රෝග පාලනය කරන්නේ කෙසේද?
යටි පුස් රෝගය
පත්‍ර මතු පිට සුදු පැහැති පැල්ලම් දැකිය හැකිය.
හානිය අධික නම් නිර්දේශිත දීලීර නාශකයක් යොදන්න.
විචිත්‍ර වෛරස් රෝගය
බෝගයේ මුල් වර්ධනය අවධියේදී මෙය වැලදුනොත් අස්වැක්ක 80% පමණ අඩු වේ.
රෝගය වලක්වා ගැනීම සදහා නිර්දේශිත කාලයේදි බීජ සිටුවීම, ධාරක ශාක විනාශ කිරීම, රෝගයට පාත්‍ර වූ පැල ගලවා විනාශ කිරීමකළ යුතුය.
වඩාත් සාර්ථක වන්නේ ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීමයි.

6. අස්වනු නෙලීම හා අස්වැන්න සකස් කරන්නේ කෙසේද?
බීජ සිටුවා දින 50-100 දක්වා කාලය තුල වාර කිහිපයක් අස්වනු නෙලිය හැක.
ගුණාත්මය පවත්වා ගැනීම සදහා දිනක් හැර දිනක් ලපටි කරල්වල නටුව පිහියකින් කපා නෙලා ගන්න.
අස්වැන්න සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 10-15ක් පමණ අස්වැන්නක් ලබාගත හැකිය.
කරල් නෙලා ගත් පසුව තද සුර්යාලෝකයට නිවාරණය නොකරන්න.
රෝග හා තෘමි හානිවල ලක් වූ කැල්, විකෘති හැඩයක් සහිත හා මේරු කරල් තෝරා ඉවත් කර ගන්න.
ප්‍රභවය: එළවළු වගාව, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය

No comments:

Post a Comment

තුඹ කරවිල ලෝකේ පුරා යවන්න වයඹ සුදානම් ආණමඩුවේ "තුඹ වැව්වෝ" ගොඩ යති.

 -හිරාන් ප්‍රියංකර ජයසිංහ බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ...